ක්ෂණිකව හෝ මනෝ චිකිත්සක උදව් ඇතිව ලිංගික යොමුව වෙනස් වූ බව දහස් ගණන් පුද්ගලයින්ගේ සාක්ෂි වලින් සනාථ වේ.
Sexual Orientation/ලිංගික යොමුව ගැන කතා කිරීමට ප්රමුඛව ලිංගික යොමුව යන වචනය පැහැදිලි කිරීම අවශ්‍ය වේ. බොහෝ පුද්ගලයන් ලිංගික යොමුව යන වදන වැරදියට අර්ථකථනය කරති. ලිංගික යොමුව යනු පුද්ගලයෙකුගේ ලිංගික කැමැත්ත/ආකර්ෂණය, ලිංගික හැසිරීම් සහ ඇතුලාන්තයෙන් හඳුන්වාගන්නා හෝ පිටතින් කෙරෙන ස්වයං හඳුන්වගැනීම (සමලිංගික, විෂමලිංගික හෝ බහු-ලිංගික ලෙස) යන සිද්ධීන් තුනටම පොදුවේ භාවිත කරන වදනකි.
සමලිංගික ආකර්ෂණයන් ඇති පුද්ගලයා සෑම විටම ලිංගික සම්බන්ධතා ඇතිකර නොගනී. එවැනි බොහෝ පුද්ගලයන් තමන් සමලිංගික යයි ස්වයං හඳුන්වාගැනීමද නොකරයි. පුද්ගලයෙකුගේ ලිංගික ආශාවන්, හැසිරීම් සහ හඳුන්වගැනීම් සෑම විටම නිත්‍ය නොවන අතර එය කාලය සමග වෙනස් වීම සිදුවේ.
මේ අවබෝධයෙන් පසු පැනනගින කරුණ වන්නේ සමලිංගිකත්වය යනු තෝරාගත හැකි දෙයක්ද යන්නයි.අති බහුතර අවස්ථාවන්හිදී සමලිංගිකත්වය තෝරා ගැනීමකින් තොරව සිදු වන්නකි. සමලිංගිකත්වය තෝරා ගැනීමකි යයි පැවසීම සමලිංගිකයන් හට කෙරෙන අවමානයකි. නමුදු පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇතිවන සමලිංගික ක්‍රියාවන් සිදුවනුයේ මිනිස් තෝරාගැනීම්,තීරණ වල ප්‍රතිපලයන් ලෙසිනි. තමන් සමලිංගික යයි කෙරෙන ස්වයං හඳුන්වාගැනීමද තෝරාගත් තීරණයකි. අධික අහර ගැනීම (over-eating) වැනි ක්‍රියාවන් අපහසුවෙන් වුවද වෙනස් කරගන්නා සේ මිනිස් ලිංගිකත්වයද වෙනස් කර ගත හැකි බව මුලික මනෝ විද්‍යාවෙහි ඉගැන්වෙන්නෙකි.
ආගමික හෝ මනෝ චිකිත්සක උපකාර නොමැතිව ක්ෂණික ලිංගික හැසිරීම් වෙනස් වූ අවස්ථා ද බොහෝ වාර්තා වේ. නිවුන් පුද්ගලයන් ආශ්රයෙන් කරන ලද සමීක්ෂණයකින් හෙළිව ඇත්තේ බොහෝ පිරිසක් සමලිංගික ක්‍රියාවන්හි නිරතව ඇත්තේ අවුරුදු 15 පෙර කාලයේදී පමණි යන්නයි.
වෙනස් කිරීමට අසීරුතම අංගය වන්නේ අභ්‍යන්තර ලිංගික ආශාවන් හා අභිමතයන් වුවත් ඒවා මනෝ චිකිත්සක උදව් ඇතිව පාලනය කර ගත හැකිය. සමහර අවස්ථාවන්හිදී මනෝ චිකිත්සාවෙහි අරමුණ සමලිංගික ආකර්ෂණය නොමැති වීම වුවත් නොවුවත්, චිකිත්සක ප්‍රතිකාර නිසා පුද්ගලයන්ගේ අනවශ්‍ය සමලිංගික ආකර්ෂණයන් බොහෝ දුරට අඩුකරගත් අවස්ථා ගැන වාර්තා වේ.
1973 දී සමලිංගිකත්වය ඇමරිකානු මනෝ විද්‍යා සංගමයේ මානසික රෝග ලැයිස්තුවෙන් ඉවත් කිරීමට මුල්වූ රෝබට් ස්පිට්සර් විසින් සොයා ගන්න ලද කරුණු මෙම අමතක කල නොහැකිය.
උවමනාව තිබු පමණින්ම අනවශ්‍ය සමලිංගික ආකර්ෂණයන් නැවත ගැනීම සැම විටම සිදු නොවේ. ලිංගික යොමුව වෙනස් කිරීම අසීරු කර්තව්‍යකි. ප්‍රතිකාරයන්හි සාර්ථකත්වය හා කාල පරාසය පුද්ගලානුබද්ධ වේ. නමුත් සමලිංගිකයන් හට විෂමලිංගිකයන් විය හැකි බව බොහෝ සායනික දත්ත, පෞද්ගලික වාර්තා හා නොයෙකුත් පර්යේෂණ සනාථ කරයි.
Next Article :: Myth No 3 - ලිංගික යොමුව වෙනස් කිරීමට කරන උත්සාහයන් මනෝ විද්‍යා ආචාර ධර්ම වලට පටහැනිය හා හානිකරය.
No comments:
Post a Comment