මිත්‍යා මත 10 ක් : ජිව විද්‍යාත්මක සාධක නිසා සමලිංගිකත්වය ඇතිවේ.

අංක 1
ජිව විද්‍යාත්මක සාධක නිසා සමලිංගිකත්වය ඇතිවේ.

සමලිංගිකත්වය සමග ජානමය හෝ අනෙකුත් ජිව විද්‍යාත්මක සාධක ආඳා ගැනීම විසි වැනි ශත වර්ෂයේ සිට බහුලව සිදුවන්නකි. 1991 වසරේ සයිමන් ලෙවායි විසින් මල මිනී යොදාගෙන සිදු කරන ලද පර්යේෂණයකට අනුව සමලිංගික පුද්ගලයින්ගේ මොළයෙහි වෙනස්කමක් ඇති බව ඉඟි කරන ලදී. එම වසරේම මයිකල බේලි සහ රිචඩ් පිලර්ඩ් විසින් නිවුන් පුද්ගලයින් ඇසුරෙන් කරන ලද පරීක්ෂණයකින් සමලිංගිකත්වය සඳහා ජානමය හෙතු ඇති බව උපකල්පනය කරන ලදී. අවසාන වශයෙන් 1993 වසරෙහි ඩින් හේමර් විසින් සමලිංගිකයන්ගේ ජානයන්හි විශේෂිත ක්රෝම්සොම් කොටසක් ඇති බව “නිර්ණය” කරන ලදී.
පුද්ගලයෙකු සමලිංගික වීම හා නිවුන් පුද්ගලයෙකු වීමට ඇති අවස්ථා ගණන ඉතා සීමිතය. ඉන් ලද තොරතුරු සත්‍ය වේ යයි උපකල්පනය කලද, ඉතා සීමිත පුද්ගල කොට්ඨාශයකින් ලබාගත් තොරතුරු සියලු සමලිංගිකයන් සඳහා යොදාගැනීමේ ඇති ප්‍රායෝගික නොවන බව මනාව පැහැදිලි වේ. 
සමලිංගිකතත්වය ජිව විද්‍යාත්මක හේතු නිසා ඇතිවේ යයි උපකල්පනය කළහොත් එක් නිවුන් පුද්ගලයෙකු සමලිංගික නම් අනෙක් පුද්ගලයාද සමලිංගිකයෙකු වීමේ ප්‍රවනතාව 100% ක් වේ.  සත්‍ය වශයෙන්ම එම ප්‍රවනතාව 50% ආශ්‍රිත බව මයිකල් බේලි විසින්ම පිළිගන්නා ලදී. අවම වශයෙන් එක් පුද්ගලයෙකු හෝ සමලිංගික වන නිවුන් යුගල 27 කින් දෙදෙනාම සමලිංගික වුයේ යුගල 3 ක් පමණක් බව මයිකල් බේලි විසින් කරන ලද පර්යේෂණයෙන් සනාථ විය. ඒ අනුව දෙදෙනාම සමලිංගික වීමේ ප්‍රවනතාව 11% බව සාධනය කරන ලදී. කොලොම්බියා සහ යේල් සරසවියෙන් සිදුකරන ලද පර්යේෂණ වලට අනුව එම ප්‍රවනතාව පිරිමින්ගෙහි 6.7% ක් සහ ගැහැණුන්ගේ 5.3% බව සොයාගන්න ලදී.
රිචඩ් පිලර්ඩ්, ඩින් හේමර්, සයිමන් ලෙවායි විසින් කරන ලද පර්යේෂණ වල ඇති දුර්වල හා අසාධාරණ විද්‍යාත්මක ක්‍රම, කුඩා වපසරිය,වැරදි නිර්ණායක  සහ අනෙකුත් වැරදි  වලින් ගහන විය. අනෙකුත් පර්යේෂකයින්ගේ සොයාගැනීම් හා මනෝචිකිත්සකයන් විසින් සැපයූ සායනික දත්ත සමග ඒවා සැසඳිය නොහැකි විය.
ඔවුන්ගේ පර්යේෂණ  වල යටි අරමුණ වුයේ මනෝ-සමාජීය මොඩලය (සමලිංගිකත්වය සමාජයීය හේතු නිසා ඇති වේ) බැහැර කර ජිව විද්‍යාත්මක හේතු නිසා සමලිංගිකත්වය ඇතිවේ යයි ඔප්පු කිරීමයි.


1 comment:

  1. Source: downloads.frc.org/EF/EF10F01.pdf

    ReplyDelete