සමලිංගිකත්වය

සමලිංගිකත්වය යනු ලජ්ජා සහගත විය යුතු කරුණක් නොවේ. එය ඉබේ ඇතිවන දෙයකි. එමනිසා සමලිංන්ගිකත්වයට විරුද්ධ වීම සදාචාර සම්පන්න නොවේ. එහෙත් සමලිංගිකත්වය ජිව ව්ද්යාත්මක හේතුන් නිසා හෝ උප්පත්තිය සමඟ ඇතිවේ යයි පැවසීම මිත්‍යාවකි. එහි ජානමය, හෝමෝනමය පදනමක්‌ නොමැති බව බොහෝ පර්යේෂණ වලින් ඔප්පු වී ඇති අතර දෙමාපියයන්ගේ හැසිරිම් රටාව මත හා අනෙකුත් සාධක මත එය තීරණය වන් බව් ගුණාත්මක හා  සංඛ්‍යාත්මක පර්යේෂණ මඟින් සනාථ කර ඇත 
තමන්ගේ ප්‍රතිරූපයට, ගති පැවතුම් වලට, අදහස් වලට තම සමලිංගිකත්වය නොගැළපෙන්නේ නම් එය Ego-Dystonic සමලිංගිකත්වය ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වයි. 
මනෝ වෙද්‍යවරුන් විසින්, මෙවැනි පුද්ගලයින් ඔවුන්ගේ ප්‍රතිරූපයට ගැලපෙන ප‍රිදි අනුවර්තනය සඳහා මනෝ චිකිත්සක ක්‍රම  යොදා ගනී. මේවා හානිකර නොවන අතර එමගින් සමලිංගික ආකර්ෂණය වලක්වා විරුද්ධ ලිංගිකයන් කෙරේ එලදායි  ලෙස ආකර්ෂණය ඇති කරයි. ඒ  හා බැඳුනු විශාදය වැනි තත්වයන්ද එමගින් නැතිවී යයි. මෙම චර්යාත්මක අනුවර්තනයන් කිරිමට අනුදැනුම ඇත්තේ ආචාර්ය උපාධිදාරි (Ph.D.) වෙද්‍යවරුන් හට පමණි. ශ්‍රී ලංකාවේද මෙවැනි අනුවර්තන කටයුතු සාර්ථකව ඉටු කෙරේ. 

13 comments:

  1. මෙවැන්නකින් ප්‍රතිකාර කරනු ලැබූ විට සමලිංගික ආකර්ෂණය නැතිවන්නේ
    ද්වීලිංගිකයන්ගේද, නැතිනම් කිසිදු විරුද්ධ ලිංගික ආකර්ෂණයක් නොමැති
    සමලිංගිකයන්ගේද යන්න දැනගැනීමට කැමතිය.

    ReplyDelete
  2. මිනිසුන් පුර්ණ සමලිංගික හෝ පුර්ණ විෂමලිංගික කියා කොටු කර වෙන්කල නොහැක. සමලිංගිකත්වය යනු ස්ථාවර තත්වයක් නොවේ. ලිංගික යොමුව වෙනස් වූ (දෙපැත්තටම) පුද්ගලයන් එමටය.

    ලිංගික යොමුව යනු චර්යාවකි. එය සමාජ, මානසික සහ පවුල් පසුබිම මත තීරණය වන්නකි. ජීවවිද්‍යාත්මක සාධක වල බලපෑම් තිබුනද එයින් ලිංගික යොමුව තීරණය නොවේ. එබැවින් ලිංගික යොමුව වෙනස් කර ගැනීමට ඕනෑම පුද්ගලයෙකුට හැකිය. ඒ සඳහා මනෝවිද්‍යාඥයින් විසින් චර්යවාදී ප්‍රතිකර්ම යොදා ගනී.

    ලිංගික යොමුව අවුරුදු ගණනක තිස්සේ පැවතී ලිංගික ක්‍රියාවලින් පෝෂණය වී ඇති නිසා ක්ෂණයකින් වෙනස්වීමක් බලාපොරිත්තු විය නොහැක.

    සුදුසුකම්ලත් මනොචිකිත්සකයෙකු හෝ මනොවෛදයවරයෙකු Psychiatrist/Psychologist හමුවී වැඩිදුර තොරතුරු ලබාගන්න.

    Dial 225 on a dialog phone for echannelling. There are psychologists and psychiatrists in government hospitals as well.

    ReplyDelete
  3. සමලිංගිකත්වය සමඟ ලිංගික හැසිරීම් පමණක් නොව ආදරයද ඇත. මම පිරිමියෙකු ලෙස යොවුන් වියේ සිට පිරිමින් බොහෝ ගණනකට පෙම් කර ඇත. ප්‍රේමයෙන් පැරදීද ඇත. මට එහිදී කිසිදු ලිංගික හැඟීමක් දැනුනේ නැත. මේ පිළිබඳ ඔබේ අදහස කුමක්ද? ආදරයත් එසේ ප්‍රතිකාර ලබා දිය යුතු දෙයක්ද?
    ඔබ කියන පරිදි සමලිංගික හැසිරීම විෂමලිංගික හැසිරීමට පත්කළ හැකිනම් විෂමලිංගික හැසිරීමත් එසේ සමලිංගික හැසිරීමක් බවට පත් කළ හැකිද?

    ReplyDelete
    Replies
    1. ඔබ කියූ දෙයට මම එකඟ වෙමි. නමුත් ලිංගික හැසිරීම සහ ආදරය යනු දෙකකි. මමද පිරිමින් බොහෝ සමග ලිංගිකව හැසිරී ඇත. ඔවුන් සම දෙනාටම මම "ආදරය" කලෙමි.

      පිරිමින් දෙදෙනෙකු අතර අනොන්‍ය අවබෝධය ඇතිව සිදුවන සම්බන්ධතා ඉතා උසස්ය. එවැනි පුද්ගලයන් වෙනස් වීමක් අපේක්ෂා කල යුතු යයි මම පවසන්නේ නැත.

      මමද සමලින්ගිකයෙකුව සිටියදී කතකට ආදරය කලෙමි. නමුදු එහි කිසිදු ලින්ගිකත්වයක් තිබුනේ නැත.

      විෂමලින්ගිකයන් බොහෝ දෙනෙක් ඉබේටම සමලිංගික වී ඇත. මානසික ප්‍රතිකාර ලබා විෂමලින්ගිකයෙකුට වෙනස් වීමට අවශ්‍යතාවයක් බොහෝ විට පන නොනගී. අවශ්‍ය නම් එයද සිදුකල හැක.

      Delete
    2. හොඳයි මම මෙහෙම අහන්නම්.ලිංගිකව හැසිරෙන්න ඕනෙ කරන ආදරයයි. සහෝදරයෙක් ලෙස දැනෙන ආදරයයි දෙකක් නොවේද?
      ඔබට ජීවිතයේ පළමු ලිංගික හැඟීම දැනුනේ පිරිමියෙක් කෙරෙහිද? ගැහැණියක් කෙරෙහිද? ඔබ ඔය කියන ප්‍රතිකාර වලට යොමු වෙන්න කලින් ගැහැණියක් කෙරෙහි පොඩිමහරි ලිංගික හැඟීමක් ඇතිවෙලා තියෙනවද? මේවටත් මම පිළිතුරු බලාපොරොත්තු වෙනවා

      Delete
    3. ලිංගිකව හැසිරීමට ආදරය අවශ්‍ය නොවේ. ලිංගිකව හැසිරෙන්නේ කායික ආකර්ෂණය නිසාය. ගණිකාවක සමග ලිංගිකව හැසිරීමට ආදරය අවශ්‍ය නොවේ. ආදරය ඇත්තේ එක වර්ගයක් පමණි.ආදරය ආදරය වේ. කොන්දේසි සහිතව ඇතිවන ආදරය ආදරය නොවේ. වැරැද්ද ඇත්තේ සමලිංගික සහ විෂමලිංගික ලෙස පුද්ගලයන් වර්ගිකර්නයයි. එසේ වර්ගීකරණයේදී වෙනස් වන ලිංගිකත්වයට ඉඩක් නැත. ඇත්ත තත්වය වනුයේ සමලිංගික හෝ විෂමලිංගික යයි පුද්ගලයන් නැති බවය. ප්‍රතිකාර වලට ප්‍රථම ගැහැනුන් කෙරෙහි ආකර්ෂණයක් තිබුනේ නැත. එයට හේතුව වුයේ බොහෝ සමලිංගික අත්දැකීම් වලින් පෝෂණය වූ බැවිනි. ලිංගික හැඟීම නිසා සමලින්ග්ක යයි පැවසීම සමලිංගිකයන්ට කෙරෙන නිගාවකි. හැඟීම් වලට වහල් වූ පමණින් ආදරය නොකළ යුතුය.

      Delete
    4. මම වැඩියෙන්ම කැමැති gay bondage ක්‍රියාකාරකම් වලට.මේ බැවින් මා මිදීමට උත්සහකලත් මට තාමත් අය නොහැකි වී ඇත.දැනට කීප දෙනෙක් සමගම මේ ආකාරයෙන් ලිංගික ක්‍රියාකාරකම් වල යෙදී ඇත.කොහොමද මන් මෙඉන් මිදෙන්නේ?

      Delete
    5. Meet a qualified psychologist. A professional therapist with a PHD. You can dial 225 from Dialog or Mobitel and ask for a psychologist. Dont go for counsellers.

      Delete
  4. මමත් සමලිංගිකයෙක්.සමලිංගික අත්දැකීම් බොහොමයක් මා සතුව ඇති.මට තාමත් විරුද්ද ලිංගික හැගීම් පහල වී නැත.මෙය මට මහත් මානසික පීඩාවක් ගෙන දෙන්නකි.මම තාමත් සමලිංගික බැවින් මිදීමට නොහැකිව සිටී.මම වැඩියෙන්ම ප්‍රිය කරනු ලබන්නේ ගේ bondage අසුරකටය.මන් මෙඉන් මිදෙන්නේ කෙසේද?මට පිළිතුරක් ලබදෙනලෙස කාරුණිකව ඉල්ලාසිටිමි.

    ReplyDelete
  5. මමත් මින් පිඩා විදිනව
    http://homosexualitytreatment.com/
    මෙවැනි තැනකට ගොස් මටත් මින් සුවයක් ලබතහැකිද
    මම ආසයි සාමනය වාදායට ජිවත් වන්න
    මට වයස 25
    ඉහත ආයතනය අහංගම තියෙන්නේ 9000 වනව ප්‍රතිකාරයට
    මට සුවයක් ලබන්න පුලුවන් වෙවිද

    ReplyDelete
    Replies
    1. Dont go the place that the website has define. They sound like a BIG hoax. Meet a qualified psychologist with a PHD. There are many good psychologists in Sri Lanka, whom you can consult via echanneling. Dial 225 from a dialog, mobitel connection.

      Delete
  6. samalingikathwaya kiyanne asanipayak newe....beth ganna taram.aka amataka karanna epa.Rs 9000 bank Account akakata daganna.oyata okn ain wennama onanam a gena hitanne netiwa samanya vidiyata jivath wenna.but samalingikathwaya kiyana de doctor kenekgen beth ganna taram asanipayak nam newe.ekagena mata 100% viswasai.

    ReplyDelete
    Replies
    1. සමලිංගිකත්වය යනු අසනීපයක් නොවේ. එහෙත් තම සමලිංගික හැංගීම් නිසා පුද්ගලයෙකු හට අපේක්ෂා භංගත්වය සහ විශාධය වැනි තත්වයන් ඇතිවේ නම් එය ගැටලුවකි. සමලිංගිකත්වය රෝගයක්ද, ප්‍රශ්නයක්ද යන්න තීරණය කිරීමට ඔබට, මට හෝ මානසික වෛද්‍යවරයාට අයිති නැත. පුද්ගලයන් විවිධ සමාජ, ආගමික, මානසික පසුබිම් වලින් පැමිණෙයි. වෛද්‍ය වරයාගේ වගකීම වනුයේ ඔවුන් හමු වීමට පැමිණෙන පුද්ගලයා හට උදවි කිරීමයි.

      Delete