සමලිංගිකත්වයෙන් මුදවා ගැනීම උප්දෙශනයෙන්ම කල යුතුයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි විසිනි


වෛද්‍යවරයෙක් හැටියට මට කියන්න ඕන සමලිංගිකත්වය කියන්නේ රෝගයක් නෙවේ. නමුත් මේක සමාජමය ගැටලුවක්. මේ අය මානසික අසමතුලිතතාවයන් ඇති අය.


සමලින්ගිකත්වයට නැඹුරු වූ ඇතැම් අය සමාජ සම්මත විවාහයන්ටත් එළඹෙනවා. ඒ තම කැමැත්තෙන් වෙන්නත් පුළුවන්. විවිධ බලපෑම් නිසා වෙන්නත් පුලුවන්. මේ වගේ අය විවාහ වුනාම ඇතැම් විට ප්‍රශ්නය සහකරු හෝ සහකරියටත් බලපාන්න පුළුවන්.


සමලින්ගිකත්වයට නැඹුරු වූ එක්තරා කොටසක් ඉන මුදවා ගත හැකියි.


එක්සත් ජාතීන්ගේ අනුමාන දත්තවලින් කියවෙනවා ඉදිරියේදී HIV ආසාදිතයන් වැඩි පිරිසක් බිහිවෙන්නේ ආසියා පැසිපික් කලාපවලින් කියල.


සමලිංගික ප්‍රවර්ධකයන්ට තවමත් අපේ පාසල් ඇතුලට රිංගන්න බැරිවෙලා තියෙනවා. ඒත් ඒ අය විවිධ උපක්‍රම හා වාර ප්‍රකාශන හරහා අපේ උසස් අධ්‍යාපන ආයතනවලට රිංගන්න උත්සාහ දරන ලද අවස්ථාවන් තියෙනවා. ඒ නිසා අපේ උසස් අධ්‍යාපන ආයතනවල බලධාරීන් තමන්ගේ ආයතනවලට බාහිරින් එන පුද්ගල කණ්ඩායම හා සංවිධාන පිලිබඳ සැලකිල්ලෙන් සිටිය යුතුයි.


http://www.divaina.com/2011/07/07/samadi.html

No comments:

Post a Comment